Connect with us

පුවත්

ධනුකාව මරන්න පෙර කෙළෙසලා; හමුදා සාමාජිකයකුගේ වැඩක්

Published

on

මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුරූපී විවාහක කාන්තාවක් කුඹුරක මඩේ ගිල්වා ඝාතනය කළැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අලවතුගොඩ ඇල්ලේකඩේ විලානගම ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නමැති 26 හැවිරිදි කාන්තාවකි.

මැය නිවසට මීටර් දෙසීයක් පමණ ඈතින් පිහිටි ඇල්ලකඩේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම කාන්තාවගේ සැමියා පසුගියදා (10) රාත්‍රියේ මළ ගෙදරකට ගොස් සිටියදී මෙම කාන්තාව පැහැරගැනීමට ලක්ව තිබිණි. 

එදිනම රාත්‍රියේ මෙම කාන්තාව කෑ ගසන ශබ්දය අසල්වාසීන් කිහිපදෙනකුට ඇසී තිබුණත් ඇයගේ සැමියා බීමත්ව පැමිණ නිරන්තරයෙන් අඬදබර ඇතිකරගන්නා නිසා මෙයද එවන් සිදුවීමක් යැයි සිතා කිසිවකු හෝ ඒ ගැන අවධානය යොමුකර නැත.

11 වැනිදා අලුයම සැමියා නිවසට පැමිණ විපරම් කිරීමේදී බිරිඳ නිවසේ සිට නොමැති අතර ඔහු ප්‍රදේශවාසීන්ද එක්කර ගනිමින් බිරිඳ සොයා තිබේ. 

මේ අනුව නිවසට මීටර් 100 ක් පමණ ඈතින් පිහිටි කුඹුරක මඩේ ගිල්වා තිබූ ධනුකා මධුවන්තිගේ නිරුවත් මළසිරුර සොයාගෙන ඇත..

අලවතුගොඩ පොලිසියට මහත් අබිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි. 

නිල සුනඛයා ඝාතනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් නතරවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරිවල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදුකොට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මහනුවර නිල සුනඛ අංශයේ නිල සුනඛයකු මියගිය කාන්තාවගේ නිවසේ සිට කිලෝමීටර් තුනක පමණ වටයක් කැරකී නැවත පැමිණ එම නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරකින් පිහිටි නිවෙසකට ගොස් සැකකරු හඳුනා ගැනීමට සහය වී ඇත.

සැකකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත හමුදා සෙබළෙකි. 

සැකකාර මෙම හමුදා සාමාජිකයා ඝාතනයට ලක්වූ සුරූපි කාන්තාවගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ හා දුරකතන ඇමතුම් ගෙන ඇයට විවිධ තැන්වලට පැමිණෙන ලෙස බලකර තිබෙන බවත් ඇයට අයුතු යෝජනා සිදුකර ඇති බවත් මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.

සැකකාර යුද හමුදා සාමාජිකයා මීට මාසයකට පෙර මෙම කාන්තාවට කරදර නොකරන බව පොරොන්දු වී ඇයගෙන් සමාවද ගෙන තිබෙන බවත් අනාවරණය වී ඇත.

සැකකරු සතුන් දඩයම් කිරීමට රාත්‍රි කාලයේ නිවසින් පිටවන බවත් එවන් අවස්ථාවක මෙම කාන්තාවගේ නිවසට ගොස් ඇය පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12) මහනුවර ජාතික රෝහලේදී සිදු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව දූෂණය කර ගෙල සිරකිරීමෙන් මරා දමා ඇති බවය.

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading

පුවත්

ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

Published

on

By

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved