Connect with us

පුවත්

ධීවරයන්ගේ ඉන්ධන ප්‍රශ්නය විසඳන්න ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු!

Published

on

ධීවරයන්ට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු හඳුන්වාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය 29දා පාර්ලිමේන්තුවේ පැවති ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

කුඩා මසුන් ඇල්ලීමේ නිරත ධීවරයින්ට බැටරිය භාවිතයෙන් කිලෝමීටර් 100ක් ගමන් කළ හැකි විදුලි මෝටර් බෝට්ටු හදුන්වා දීමට අපේක්ෂා කරන බවත් දිනකට වියදම රුපියල් 86ක් පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

භූමිතෙල් සහ ඩීසල් භාවිත කරන බෝට්ටු සඳහා සූර්ය පැනල සහ සුළං ටර්බයින මගින් විදුලිය උත්පාදන පහසුකම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම රැස්වීමට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේ ධීවරයින් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය විශේෂ ජංගම සේවාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා ධීවරයන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබාදිය හැකි බවත්ය.

බලපත්‍ර නැතිනම් ටින්මාළු ආනයනය කරන්න බෑ

මේ අතර විදේශ රටවලින් ටින්මාළු ආනයනය කිරීම පිළිබඳව මන්ත්‍රීවරුන් කමිටුවේ අවධානයට යොමු කළහ. බලපත්‍රයක් නොමැති කිසිවකුට ටින්මාළු ආනයනය කිරීමට අවසර නොමැති බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ අතර ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපයීම සදහා මිරිදිය මසුන් ඇල්ලීම දිරිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. මේ සඳහා ජලාශවලට මාළු පැටවුන් මුදා හැරීමේ වැඩපිළිවෙළ පුළුල් කරන ලෙස මන්ත්‍රීවරු ඉල්ලා සිටියහ. ලබන වසරේ තෝරාගත් මිරිදිය ජලාශ 2500කට මත්ස්‍ය පැටවුන් මුදා හැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළහ.

මෙම රැස්වීමට නියෝජ්‍ය කථානායක – අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර හා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, චන්දිම වීරක්කොඩි, දිලිප් වෙදආරච්චි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප්, එස්.එම්.එම්. මුෂාරෆ්, කුලසිංහම් තිලීපන් යන මහත්වරුද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීහූද සහභාගී වූහ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved