Connect with us

පුවත්

නරක්වූ ඖෂධවලින් සංස්ථාවට කෝටි 19 ක පාඩුවක්

Published

on

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලදීගෙන ඇති ඖෂධ වලින් යම් තොගයක් තත්වයෙන් අසමත්වීම, කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් එම සංස්ථාවට  2020 සහ 2021 වර්ෂවලදී රුපියල් කෝටි 19 කට වැඩි පාඩුවක් දැරීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සංස්ථාව මිලදී ගෙන ඇති (2021 ජනවාරි 1වැනිදා වනවිට) ඖෂධවලින් රුපියල් කෝටි 21 ට වැඩි වටිනා ඖෂධ තොගයක් තත්වයෙන් අසමත්වී, කල් ඉකුත්වී  සහ  හානිවී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

සංස්ථාව පසුගිය  2021 වර්ෂයේදී මිලදී ගත් ඖෂධ අතුරින් රුපියල් කෝටි 13කට ආසන්න වටිනා තොගයක් තත්වයෙන්  අසමත් කල් ඉකුත් වූ හා හානි වූ  ඒවා වශයෙන්හඳුනාගත් බව පවසන  විගණන කාර්යාලය  2020 සහ 2021 වර්ෂවලදී හඳුනාගත් රුපියල් කෝටි හතරකට වැඩි වටිනා තත්වයෙන්  අසමත් ඖෂධවල වටිනාකමින්  රුපියල් දෙකෝටියකට වැඩි මුදලක්
සැපයුම්කරුවන්ගෙන් පසුගිය වසරේ ජුනි මස 1 වැනිදා වනවිටත්  අය කරගෙන නොතිබූ බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව  2021 සහ 2022 වර්ෂවලදී ආනයනය කර ඇති ඉන්ඩෙන්ටු  විසි අටකට අදාල බහලුම් 28 ක් 2021 අගෝස්තු 20 වැනිදා සිට 2022 පෙබරවාරි මස  21 වැනිදා දක්වා මාස හයක කාලයක් පෞද්ගලික ගබඩාවක රඳවා තබා ගෙන තිබූ බවත් එම ගබඩාව සඳහා සංස්ථාව රුපියල් හාර කෝටි අසූ දෙලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ නමුත් සංස්ථාවට දැරීමට සිදු වූ මෙම අතිරේක පිරිවැය වෛද්‍ය සැපයුම් අංශයෙන් අය කරගෙන නොතිබූ බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.

සංස්ථාවට මෙම ඖෂධ තොග පෞද්ගලික ගබඩාවක තැන්පත් කිරීමට සිදුව ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශ ගබඩා සංකීර්ණයේ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොතිබීම හේතුවෙන්  බව විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකා රාජ්‍ය  ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

(නිවුස්රේඩියෝ)

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved