Connect with us

පුවත්

නව ආයෝජන කලාප 5ක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Published

on

නව ආයෝජන අවස්ථා ලබාදීමේදී දේශපාලන හිතවත්කම් මත එම අවස්ථා ලබාදීම ආදී කිසිදු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (05) පැවති සාකච්ඡාවක් අතරතුරය.

ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පවසා තිබේ.

එමෙන්ම රටට හිතකර පිරිසිදු ආයෝජන ගෙන්වා ගැනීමේ පූර්ණ නිදහස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලබාදෙන බවද හෙතෙම පවසා තිබේ.

දේශපාලන ස්ථාවරත්වය මෙන්ම රට තුළ මූල්‍ය ස්ථාවරත්වය ද ළඟා කරගත යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා ආයෝජන මණ්ඩලයට විශාල වගකීමක් පැවරී තිබෙන බවද මෙහිදී පෙන්වා දුන්නේය.

එනිසා ආයෝජන මණ්ඩලයට පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවිය යුතු බවත්, ආයෝජන මණ්ඩලයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලබාදෙන බවත් පැවසීය.

මේ අතර, ලබන වසරේදී රට තුළ නව ආයෝජන කලාප 5ක් ඇති කිරීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපතිවරයා, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පවසා තිබේ.

පුවත්

ඉන්දීය මහකොමසාරිස් හා නාමල් අතර හමුවක්!

Published

on

By

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී සිදුව තිබේ.

ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍ර වැනි බහුවිධ ගැටළු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරුකරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිල “X” ගිනුමේ සටහන්ව තිබේ.

https://twitter.com/IndiainSL/status/1879543874169012464

Continue Reading

පුවත්

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියෙක්

Published

on

By

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා ද පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති මෙම පත්වීම් 2024 දෙසැම්බර් 31 වැනිදා සිට බලාත්මකයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා විසින් අදාළ පත්වීම් ලිපි අද (15) දිනයේදී ප්‍රදානය කර තිබුණි.

Continue Reading

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved