Connect with us

පුවත්

නව පත්කිරීම් 7කට උසස් නිලතල කාරක සභා අනුමතිය

Published

on

අමාත්‍යාංශ ලේකම්වරයෙකු, තානාපතිවරයෙකු ඇතුළු නව පත්කිරීම් 7ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි.

ඒ අනුව ඊජිප්තුවේ ශ්‍රී ලංකා තනාපති ලෙස එම්.ඊ.එම්. වෙනින්ගර් මහත්මියගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම ශ්‍රී  ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ලෙස ඩබ්ලිව්. එම්. ධර්මපාල මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එයට අමතරව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එච්.එම.බී.පී. හේරත් මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

තවද ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ පත්වීමටද, ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස ආචාර්ය එස්. ඩබ්ලිව්. එම්. හෙට්ටිගේ මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස බී.එම්.එල්. පතිරණ මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අයි.එස්. විජේසේකර මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු අනුර ප්‍රියදර්ශන යාපා සහ ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහභාගී වූහ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved