Connect with us

පුවත්

නව විද්‍යුත් විකාශන පනත් කෙටුම්පත ළඟදීම මාධ්‍ය ආයතනවලට

Published

on

විද්‍යුත් විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරි සති කිහිපයේ දී මාධ්‍ය ආයතනවලට සහ මැති ඇමැතිවරුන්ට අධ්‍යයනය කිරීමට ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක විසින් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධනගෙන් අසා තිබූ ප්‍රශ්නයක් හා සම්බන්ධ වෙමිනි.

ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනමාධ්‍ය ඇමැතිවරයා

ලියාපදිංචි කළ රූපවාහිනි නාළිකා ගණන 25 ක්. ලියාපදිංචි කළ ගුවන් විදුලි නාළිකා 51 ක් තිබෙනවා. ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා 76 ක් තිබෙනවා. රූපවාහිනි හා ගුවන් විදුලි ජාතික නාළිකා කොන්දේසි අතර විශාල විෂමතාවයක් තිබෙනවා. එක් එක් ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකාවලට බලපත්‍ර ලබාදීමේ බරපතළ විෂමතාවක් තිබෙනවා. කිසිම විධිමත් බවක් , ක්‍රමවත් බවක් නොමැතිව බලපත්‍ර ලබාදුන් ඒවා තිබෙනවා. මේවා කිසිවකට අපි කව්රුත් වග උත්තර කරුවන් නෙවෙයි. ඒ ඒ මොහොතේ ඇති වූ තත්ත්වයන් අනුව තමයි සිදුවී තිබෙන්නේ.

මම අමාත්‍යවරයා ලෙස විනිවිද භාවයක් හා ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා විශේෂ අනුකාරක සභාවක් පත් කළා. ඒ අනු කාරක සභාවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා. විද්‍යුත් විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පතෙහි වැඩකටයුතු විශාල ප්‍රමාණයක් මේ වනවිට අවසන්. ඒ මඟින් ඒකමතික බවක් ඇතිවන ලෙස විනිවිද පෙනෙන අයුරින් ගුවන් විදුලි හා රූපවාහිනී සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කිරීමේ වගකීම දැනට ඉටුකරගෙන යනවා.

පසුගිය කාලයේදී අධ්‍යාපන නාළිකාවක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවද කියලා අපි විමසීමක් සිදුකළා. අධ්‍යාපන ඇමැති තුමාත් මමත් ඒ වෙනුවෙන් උත්සාහ කළා. නමුත් අපි ලබා දී තිබෙන සංකේත යටතේ අධ්‍යාපනයට භාවිත කළාම ජාතික රූපවාහිනිය හා ස්වාධින රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකාවලට බාධාවන් ඇති වුණා. ඉන් පසුව අපි දෙන්නම එකතු වෙලා අධ්‍යාපනය සඳහා වෙනමම නාළිකාවක් පවත්වාගෙන යාමට නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ අනුව එය අවලංගු කළා.

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද එම අනු කමිටුවේ මමත් තවත් මන්ත්‍රිවරු පස් දෙනකුත් කටයුතු කරනවා.මේ වෙනකොට අපි එහි කටයුතු කරමින් සිටිනවා. අධ්‍යයන කටයුතුත් අවසන් සාකච්ඡාත් බොහෝ දුරට සිදුකර අවසන්. එම නව විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත තව සතියක් දෙකක් යන‌කොට මේ රටේ මාධ්‍ය ආයතන වලට හා‌ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට හා මේ වෙනුවෙන් උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව අධ්‍යයනය කරන්නට අවස්ථාව දෙනවා. ඊට පස්සෙ තමයි අපි එය පාර්ලිමේන්තුවට ගේන්නෙ.

පුවත්

තැපැල් පෙට්ටිය මාලිමාවට හැරෙයි

Published

on

By

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේනමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය

Continue Reading

පුවත්

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා, තුන් මාසෙකට කමිටුවක් පත් කරයි

Published

on

By

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතායි.

දින 90 ක් තුළ නව නිලධාරීන් පත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved