ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල නව විදුලි බිල ගැසට් කර ඇත.
විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම මෙම පනත් කෙටුම්පත මඟින් යෝජිත වේ.
එමෙන්ම විදුලිබල කර්මාන්තයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම හා ඒ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම එමඟින් අපේක්ෂා කරනු ලබයි.
අදාළ පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇත.