හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට පවසා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී පවසා ඇත.
මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට තීරණය කර ඇති අතර, අතිරික්ත නිලධාරීන් ඉවත්කිරීම ද සිදුව ඇති බව ද වාර්තා වේ.
Last Update – October 6 11:24 pm
රනිල්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට ; පුද්ගලික ආරක්ෂකයාත් නැවත කැඳවයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබූ 300ක පොලිස් බලඇනිය නැවත කැඳවා තිබේ.
එසේ නැවත කැඳවූ පිරිස අතර වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අශෝක ආරියවංශ මහතා ද සිටීම විශේෂිතය.
වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නියෝගය අද (06) පස්වරුවේදී සිදු කර ඇත.