Connect with us

පුවත්

නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි

Published

on

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය.

ඒ අනුව නාම යෝජනා පත්‍රය අනුමත කරමින් කටයුතු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටියේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවය.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙතිසම ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටු වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පුවත්

දකුණේ අයට ගුරුත්වාකර්ශනය අඩුයි, ආයුෂ වැඩියි

Published

on

By

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියයි.

එම තත්ත්වය මත එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා කියා සිටී.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටී.

විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. 

මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

මූලාශ්‍රය – සිළුමිණ 

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved