Connect with us

පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දෙන්නේ කවදාද?

Published

on

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.

එහි සභාපති ආර්.ඒ.එම්.එල් රත්නායක මහතා සඳහන් කළේ, ලබන මස 8 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය.

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 17,140,354ක් මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා යන ඡන්ද දායකයින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාමෙන් සිය අන්‍යතාව තහවුරු කර ගැනීමට පහසුවක් වනු ඇත.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් ලබා දි ඇති බවය.

මෙවර නිල ඡන්ද පත්‍රිකාවේ දිග අගල් 28කි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කරන දිනයට පෙර එම පත්‍රිකාවල පළමු කොටස මැතිවරණ කොමිසමට භාරදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසයි.

පුවත්

ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට

Published

on

By

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගත් බවය.

කොළඹ නගරයේ ක්‍රියාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ විරෝධී විමර්ශන අංශය හෙවත් ඊඩී මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙන අතර කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතිය ද ඊට ඇතුළත්ය.

කොළඹ නගරයේ අක්කර 4ක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

ඒ ක්‍රිෂ් රියල් ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවය.

මෙම සමාගම දේපළ වෙළදාම් ව්‍යාපාරයේ නියැලී බොහෝ ආයෝජකයින්ට වංචා කර ඒ හරහා නීති විරෝධී ලෙස රුපියල් කෝටි සිය ගණනක් විදේශගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අම්ට් කට්යාල් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම ව්‍යාපෘතියට අදාළ සමාගම වන වන් ට්‍රාන්ස්වර්ක් ස්පෙයාර් හෙවත් මීට පෙර ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කලම්බූ පෞද්ගලික සමාගම වෙත ඉන්දීය ගැනුම්කරුවන්ගේ මුදල් යොදවා ඇති බවට චෝදනා එල්ලවී ඇත.

මෙම මුදල් නීත්‍යානූකූලව උපයාගත් ඒවා බව හගවමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති බවයි වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

By

ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමටත්, අභ්‍යන්තරව අවතැන්වූවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු ගෙන්වා ගැනීමටත්, ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමටත් මෙම සටන් විරාමය මග සලසනු ඇතැයි බලාපොරොත්තුවන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම තත්ත්වය පලස්තීනයේ සහ කලාපය තුළ තිරසාර සාමයක් ස්ථාපිත කිරීමට දායක වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ලබන පෙබරවාරි 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 08 වැනිදා ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කර නිම කිරීම් සිදු කළ බව කියන සිද්ධියට අදාළව කරුණු දැක්වීම සඳහා එලෙස ඔහුව අධිකරණයට කැඳවා ඇති බව සඳහන්ya.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved