Connect with us

පුවත්

නිවෙස්වල සුනඛයන් හදන අයට අධිකරණයෙන් නියෝගයක්

Published

on

නිවෙස්වල සතුන් ඇතිකරන විට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත්, සුනඛයන් වැනි සතුන්ගෙන් මහජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත් නොකරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ ඊයේ (22 වැනිදා) නියෝග කළාය.

කොටහේන, ශ්‍රී සුමිත්‍රරාම මාවතේ නිවසක ඇති කරන ලද සුනඛයකු විසින් පුද්ගලයකුගේ මුහුණක් සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ තරුණියකට තරයේ අවවාද කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

කොටහේන පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත අධිකරණය හමුවේ පෙනී සිටි ඩැඩල්ලගේ අචලා මනෝරි නමැති සැකකාරිය රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොටහේන පොලිසියේ සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ පැමිණිලිකාරියගේ සුරතලයට ඇති කරන සුනඛයා පැමිණිලිකාරියගේ යාබද නිවසේ පදිංචි සැකකාරියගේ සුනඛයා විසින් සපා කා ඇති බවයි.

එම අවස්ථාවේදී පැමිණිලිකාරියගේ සුනඛයා බේරා ගැනීමට ඇයගේ පියා පැමිණ ඇති බවත්, ඒ අවස්ථාවේදී සැකකාරියට අයත් තවත් සුනඛයකු වන රොට් වයලට් වර්ගයේ සුනඛයා පැමිණ පියා වන සුදේශ් සිල්වාගේ මුහුණ සපා කා ඉන් අනතුරුව පැමිණිලිකාරියගේ සුනඛයාද සපා ඇතැයි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ සුනඛයාගේ පහරකෑමට ලක් වූ පැමිණිලිකාරියගේ පියා ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන ඇතැයි දන්වා සිටි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත, සැකකාරියගේ සුනඛයා සපා කෑමෙන් පැමිණිලිකාරියගේ සුනඛයා මියගිය බව වාර්තාවන බවද අධිකරණයට දන්වා සිටියේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved