Connect with us

පුවත්

නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කෙරේ

Published

on

මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

සරත් විජේසිරි ද සිල්වා නැමති නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියෝග කර ඇති බව සඳහන්ය.

අදාළ නීතීඥවරයා ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඊට නිසිලෙස පෙනී නොසිට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරෑ නඩුවේ සඳහන්ය.

“අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් බවය.

දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණවල නඩු දෙකක් පවරා තිබූ බවය.

වගඋත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4,450,000ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගෙන පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බව පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකෙරුණු අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු විසින් ප්‍රකාශ කළේය.

අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ, වගඋත්තරකරු නීතිඥවරුන්ගේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බැවින් ඔහු නීතිඥ ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට නඩු විභාගයේදී අනාවරණය වූ බවය.

ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියෝග කර මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 03ක වන්දියක් වගඋත්තරකරු විසින් පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (21) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන්කර තිබෙන්නේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීම වෙනුවෙනි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading

පුවත්

ලංවිම පෞද්ගලීකරණය වගන්තිය ඉවත් කරයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති මෙහිදී ඉවත් කර ඇත.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

Continue Reading

පුවත්

අධිවේගී මාර්ගවලදී කාඩ්පත් ගෙවීම් අද සිට ඇරඹේ

Published

on

By

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම්  අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved