Connect with us

පුවත්

නුවරඑළියේ පෞද්ගලික බස් රථ වර්ජනයක

Published

on

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියැලී සිටී.

ඒ, තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ ගාල් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක ඉදිරිපස වීදුරුවලට ගල් වලින් පහර දි අලාභ හානි සිදු කිරිමට විරෝධය පාමිනි.

එම මාර්ගයේ ධාවනය කරන බස් රථ දෙකක් දිනපතා රාත්‍රී කාලයේ ගාල් කර තබන ස්ථානයේම ගාල් කර තිබු බවත්, එම බස් රථ දෙකට කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ගල්වලින් පහර දී අලාභ හානි සිදු කර ඇති බවට එම බස් රථ දෙකේ අයිතිකරුවන් විසින් ලිඳුල පොලිසියට පැමිණිලි කර තිබේ.

වර්ජනයේ නිරතව සිටින තලවකැලේ කිරිමැටිය හරහා නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් පවසා ඇත්තේ හැටන් සිට රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් (30) දිනයේදි නුවරඑලියේදි ගැටළුවක් මතු වු අතර, එම ගැටළුව පසුව උණුසුම්කාරි තත්ත්වයක් කරා වර්ධනය වු බවය.

නුවරඑලිය කිරිමැටිය හරහා දිනපතා පෞද්ගලික බස් රථ 15 ක් පමණ ධාවනය කරන බවත්, එම බස් රථ සියල්ලම (30) දින වර්ජනයට එක් වි සිටින බවත්, මෙම පහර දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව වර්ජනයේ නියැලි සිටි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් තවදුරටත් පවසයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ මෙම බස් රථ දෙකට පහර දී අලාභ හානි සිදු කිරීමට හැටන් රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ නුවරඑලිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්බන්ධයක් ඇති බවට තමන් සැකකරන බවය.

මේ සම්බන්ධයෙන් ලිදුල පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ බස් රථ දෙකට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බවත්, එම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඔහු පවසා තිබේ.

මෙම වර්ජනයට සහය දක්වා හැටන් තලවකැලේ ඇතුළු තලවකැලේ සිට අතුරු මාර්ග වල ධාවනය කරන සියළුම පෞද්ගලික බස් රථ හිමියන් එක් වී ඇති බව සඳහන්ය.

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved