Connect with us

පුවත්

නොරොච්චෝලේ එක ජනන යන්ත්‍රයක් අක්‍රියයි!

Published

on

අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. 

 උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටී.

කෙසේවුවද, මේවන විට යළි විදුලි ඉල්ලුම ඉහල යමින් ඇතැයි ද ඔහු පවසයි.

ඒ අනුව ලබන 21 වැනිදා පමණ වන විට, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය කළ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මේ අතර ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර ද මේ වන විට අක්‍රිය කර ඇති බව පැවසේ.

විදුලි බල මණ්ඩලය පවසන්නේ ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලිය උත්පාදන කරන බවයි.

මේ අතර විදුලිය ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු කෙටි පණිවිඩයක් ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3.00 දක්වා වහල මත සවි කර ඇති සූර්යය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බව, විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ට පසුගියදා දැනුම් දී තිබිණි.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු අඛණ්ඩව සහය ලබා දෙන්නැයි විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved