Connect with us

පුවත්

පනාගොඩ මුරපළේ T56 ඉස්සූවයි හිමිනමක් CID අත්අඩංගුවට!

Published

on

පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටි හිමි නමක සහ පුද්ගලයෙකු බව පැවසේ.

පනාගොඩ යුද හමුදා කදවුරට යාබදව පිහිටි යුදහමුදා නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට යොදවා හිටි සෙබළුකු රවටා ඔහු සන්තකයේ තිබූ ටී 56 ගිනි අවියක්, මැගසින් 4, එහි බහා තිබූ උන්ඩ එකසිය විස්සක් සහ ආරක්ෂිත බෑගයක් ඉකුත් 3 දා රාත්‍රී  සොරාගෙන ගොස් තිබුණි .

පසුව සිද්ධිය සම්බන්ධයෙන් අවට සෝදිසි කිරීමේ දී සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක බෝක්කුවක් යට තිබී සොරාගත් උණ්ඩ 30 බහා තිබූ මැගසීනයක් පොලිසිය සොයා ගෙන තිබුණි .

එම අවස්ථාවේදී යාබද වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන ඉදිරි විමර්ශන සදහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි .

පුවත්

IMF කණ්ඩායමක් ලංකාවට 

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

මධ්‍යම අධිවේගයේ තෙවැනි අදියරේ වැඩ 2026 අවසන් කරන්න – විජිත

Published

on

By

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ වැඩකටයුතු 2026 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය – විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

පොතුහැර සිට රඹුක්කන දක්වා ඇති මෙම අදියරේ වැඩකටයුතු අමාත්‍යවරයා විසින් අද (09) දිනයේදී නිරීක්ෂණය කර තිබුණි.

Continue Reading

පුවත්

හදි­සියේ කෝටි­පතියන් වූ සංගීත කණ්ඩා­ය­මක3ක් අත්අ­ඩං­ගු­වට

Published

on

By

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩා­ය­මක් පිහි­ටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් බැර වන බව වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට නිරී­ක්ෂ­ණය වී තිබේ. වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙනත් පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ සිදු­ක­ර­ගෙන යාමේදී මේ ගායක ගායි­කා­වන් තුන් දෙනාට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ. ගායක ගායි­කා­වන් තුන් දෙනා­ගෙන් එක් අයකු වවු­නි­යා­වේද, දෙදෙ­නකු යාප­න­යේද නිසා වවු­නි­යාව පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් කෝපායි පොලි­සිය දැනු­වත් කර ඇත. පොලි­සිය විසින් සිදු කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ව­ලදී මේ ගායක ගායි­කා­වන් තිදෙනා ඉතාම කෙටි කාල­ය­කදී කෝටි­ප­ති­යන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතු­වෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කාර ගායක ගායි­කා­වන් තිදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ග­ල­යින් පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් ප්‍රකාශ කිරී­මට ඔවුන් අපො­හො­සත් වී ඇත.

මේ හේතු­වෙන් යාප­නය අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත ඔවුන් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.

(දිනමිණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved