Connect with us

පුවත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Published

on

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවය .

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ  ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේ,

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසානාගාර විද්‍යාඥ වෘත්තිකයන් සහ  භෞතචිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද  උදෑසන 8 ට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ රාත්‍රියේ රැස්වූ පරිපූරක වෛද්‍ය සේවාවට අයත් සියලු වෘත්තීය සංගම් නායකයන්ගේ රැස්වීමේදී තීරණය කළා අතර මෙම තීරණය ගැනීමට ඊයේ දවසේ අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තීන්දුවද හේතු  වූ බවය.

නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,

ඊයේ දවසේ රැස්වූ සියලු වෘත්තීය සමිති නායකයන් මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේදී ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට එකඟතාවය පළ කළ අතර හෙට දිනයේ දී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට නැවත සියලු වෘත්තිය සමිති නායකයන් කැඳවීමට තීරණය කරන ලද බව ද සඳහන් කලේය.

කෙසේ නමුත් මෙම පරිපූරක වෛද්‍ය සේවාවට අයත් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ  ගැටලුව සම්බන්ධයෙන් නිසී විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් සෞඛ්‍ය සේවාව තුළ වර්ජන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කරන අතරම සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳීම මගහැරමින් මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවද ප්‍රකාශ කර සිටි.

මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ  මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන අතරම එසේ නොවන්නේ නම් සෞඛ්‍ය සේවාව තවදුරටත් බරපතල අර්බුදයන්ට ලක්වීම වළක්වා ගත නොහැකි වන බව මේ අනුව පැහැදිලි වන බවද එම නිවේදනයේ සඳහන්ය.

සබැඳි පුවත්

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved