Connect with us

පුවත්

පස්සරදී බස් රථ අනතුරක් – 13 ක් රෝහලට

Published

on

බදුල්ල – පස්සර  15 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක්  මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් ප්‍රදේශයකට ගමන් කිරීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (11) උදෑසන 6:30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පමණ පස්සර රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

ඔවුන් බරපතළ තත්වයේ නොවන බවද සඳහන්ය.

පොලීසිය සඳහන් කළේ කොළඹ සිට පස්සර බලා ධාවනය වූ බස් රථයට මෙසේ අනතුරට ලක්ව ඇති බවය.

රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

පුවත්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඩිජිටල් වෙනසක්

Published

on

By

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් සිදුවිය.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබේ.

ඒ අනුව වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ මීට ඇතුළත් වනු ඇත.

අමාත්‍යංශය පැවසුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම අරමුණු වන බවය. 

Continue Reading

පුවත්

දුඹුරු සීනි මිල පහළට

Published

on

By

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර ඇත.

එම මිල ගණන් පහත පරිදි වේ.

Continue Reading

පුවත්

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

Published

on

By

මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ආකාරයක් දක්නට ලැබේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බව වනජීවි නිළධාරින් දැනුම් දෙයි.

ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බව ඔවුන් පවසා සිටියි.

ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැදින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බව සඳහන්ය.

නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යාම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක්ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇත.

මෙම උද්‍යානය නැරඹීම සදහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 25 සහ එයට අදාල බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් පොම්ප කරන ස්ථානයක් බවට උද්‍යානය පත්ව තිබෙන බව පැවසේ.

කලා ඔයේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යාන ආදායම පාඩු ලබමින් තිබෙන බව වන ජීවි නිළධාරින් පෙන්වා දෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved