Connect with us

පුවත්

පසුගිය අවුරුද්දේ දී මන්ත්‍රීවරු දහයක් තීරු බදු රහිත වාහන ගෙන්නලා

Published

on



රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටවු බව කියනු ලැබු තත්වය උඩ, තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ඒ බව අනාවරණය වන්නේ ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින්ය.

එම තොරතුරු අනුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තීරු බදු රහිත වාහන බලපත් යටතේ වාහන ගෙන්විම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙකුට අවසර හිමිව තිබේ.

තීරු බදු රහිත වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහංගෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගමට ඉල්ලිම් කළ අතර හිටපු ජනාධිපතිවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වාහන බලපත් සඳහා අවසර ලබාදෙන ලෙස කරන ඉල්ලිමක විඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එම වාර්තාවට අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේක යටතේ නිකුත් කරන ලද වාහන බලපත්‍ර 5144ක්,සාමාන්‍ය වාහන බලපත්‍ර 194ක්,විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ වාහන බලපත්‍ර 1ක්, පළාත් සභා යටතේ වාහන බලපත්‍ර 1397 ,බදු නිදහස් කිරිම් යටතේ එම වර්ශයේ දී ශ්‍රි ලංකාවට ආනයනය කර තිබේ.

ඊට අමතරව 2023 වර්ෂයේදි කිරිපිටි සම්බන්ධයෙන් අවස්ථා 613 කදී, උණ ලී සම්බන්ධයෙන් අවස්ථා 18කදී ,තිරිඟු පිටි සම්බන්ධයෙන් අවස්ථා 716දී ගෑස් හා තෙල් සම්බන්ධයෙන් අවස්ථා 770කදී බදු නිදහස් කිරිම් ලබා දි තිබෙන බව සඳහන්ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 03ක්ද නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 55ක්ද,මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 55ක්ද,ප්‍රවාහන හා සිවිල් සේවා ගුවන් අමාත්‍යංශයේ ව්‍යාපෘති සඳහා බදු නිදහස් කිරිම් 58ක්ද ,උමා ඔය ව්‍යාපෘතිය සඳහා බදු නිදහස් කිරිම් 20ක්ද ලබා දි තිබෙන බව පැවසේ.

පුවත්

පුංචි ආණ්ඩු හදන්න ආණ්ඩුව, මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සන්ධානය අතර රහස් කතා

Published

on

By

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු කණ්ඩායමක් බහුතර බලය නොලැබූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල ප්‍රධාන පක්ෂවල සභිකයන්, ස්වාධීන කණ්ඩායම් සහ වාමාංශික මතධාරී වෙනස් දේශපාලන පක්ෂ සංවිධානවල සහාය ලබාගෙන විපක්ෂයේ කණ්ඩායම්වලට වැඩි බහුතර බලයක් ඇති සභාවල බලය පිහිටුවීම සඳහා සැලසුම් සකස් කරමින් ඇත. 

විශේෂයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සමඟ සාකච්ඡා නොකළත් තේරී පත්වූ සභිකයන් සමඟ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයන් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

ඒ එම සභිකයන්ගේ සහාය ස්වාධීනව ලබා ගැනීම සඳහාය. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කීරීමටත් එසේම ජවිපෙ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ තිරය පිටුපස රහසිගත සාකච්ඡා ඇතිවෙමින් පවතින බව සඳහන් වේ.

(දේශය)

Continue Reading

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved