Connect with us

පුවත්

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි

Published

on

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම ආරම්භ වන අතර ඒ අතරට මහ නගර සභා 28ක්, නගර සභා 36, ප්‍රාදේශීය සභා 275ක් අයත් වනු ඇත.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 75,589ක් තරග කරනු ලබන අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 49ක්, ස්වාධීන කණ්ඩායම් 14ක් ඇතුළත් වේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ සහන සැලසීම වෙනුවෙන් විශේෂ මැදිරියක් ස්ථාපිත කර අර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

ඡන්දේ දාන්නේ මෙහෙමයි.

මේපාර ඡන්දයට ඕන කතිරය විතරයි

මේපාර ඡන්දයට ඕන කතිරය විතරයි – මැ.කෝ. පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (04) පැවසීය.හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීය.මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය. #lka #SriLanka #LGPolls2025

Posted by Sri Lanka Mirror on Sunday, May 4, 2025

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved