Connect with us

පුවත්

ප්‍රංශයට යවනවා කියා මුදල් ගැරූ අයෙක් මාට්ටු

Published

on

අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපල කරා ගිය අවස්ථාවේදී නිළධාරීන් තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවට වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක 8 ක මුදලක් ලබා දුන් බවද පැමිණිල්ලේ සඳහන්වේ.

තමන් සමග තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් විය.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

මොනරාගලින් මාලිමාවට ආසන 5ක්

Published

on

By

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 174,730
සමගි ජන බලවේගය – 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 10,697
සර්වජන බලය – 3455

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.

Continue Reading

පුවත්

පොලොන්නරුවෙනුත් මාලිමාවට ආසන 4ක් 

Published

on

By

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

ජාතික ජන බලවේගය – 159,010
සමගි ජන බලවේගය – 43,822
සර්වජන බලය – 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.

Continue Reading

පුවත්

හම්බන්තොටින් මාලිමාවෙන් 5ක් මැති සබේට

Published

on

By

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය –  52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 18,297
සර්වජන බලය  – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved