Connect with us

පුවත්

ප්‍රථම රන්දොලි පෙරහර අද වීදි සංචාරය කෙරේ

Published

on

සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (15) පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව ප්‍රථම රන්දෝලි පෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය පන්සල පාරෙන් ඉහළට පැමිණ කොළඹ වීදිය, ඊ එල් සේනානායක වීදිය, හරස් වීදිය, ඩී එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීමට නියමිතව තිබේ.

අවසන් රන්දෝලි පෙරහර ලබන 19 වැනිදා රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනු ඇත.

ඊට පසුදින අලුයම දිය කැපීම සහ දහවල් පෙරහර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සදහන් කළේය.

ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පසුගිය 10 වැනිදා සිට දින 5 ක් වීදි සංචාරය කිරීම සිදුවිය.

පුවත්

ඇල්පිටියට 9 දෙනෙකු ඇප තබයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් බාර ගැනීම අගෝස්තු 26 වැනි දින සිට ආරම්භ විය.

ඒ අනුව එදින සිට ඊයේ (10) දිනය දක්වා 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙලෙස ඇප තැන්පත් කාර තිබේ.

Continue Reading

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved