අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බව එම නිවේදනයේ දැක් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
තවද වර්ෂාවත් සමඟ මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කරයි.
ඒ අනුව මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම කටයුතු ලබන මස පළමු වැනිදායින් අවසන් කිරීමට නියමිත බවද පවසා ඇත.