Connect with us

පුවත්

ප්‍රමෝද්‍යගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

Published

on

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඊයේ (27) දෙවැනි දිනයටත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳා  පැය පහහමාරක කාලයක් ප්‍රකාශ ලබාගත් බව එම ඒකකයේ ප්‍රධානි සහකාර පොලිස් අධිකාරී ජයනාත් වනසිංහ මහතා කියයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැස්ම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් බව සඳහන් කරමින් පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබඳ කරුණු විමසීමට ප්‍රමෝද්‍ය මහතා කැඳවා තිබිණි.

නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සමඟ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ඊයේ සිදු කරනු ලැබුවේ පසුගිය සතියේ ඔහු විසින් ලබා දුන් ප්‍රකාශයේ ඉතිරි කොටස බව ද සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

‘ඊයේ දහවල් 12.00 පමණ ප්‍රමෝද්‍ය විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔහු පස්වරු 5.30 පමණ දක්වා කාලයක් ඇතුළත ඔහුගේ ප්‍රකාශය ලබා දුන්නා. අපට නැවත ඔහුගෙන් යම් යම් තහවුරු කිරීම් අවශ්‍ය වුවහොත් නැවත කැඳවීමට සිදු වෙනවා. නමුත් දැනට මේ තිබෙන තොරතුරු අධ්‍යයනය කරලා නීතිපතිතුමාට වාර්තාවක් අපි ලබා දෙනවා.‘ ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

ඊයේ දිනයේදී සිය ප්‍රකාශය ලබා දෙන අතරතුර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමාජ මාධ්‍යජාලා හි පළවු යම් යම් තොරතුරු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධීපතිවරයාට ලබා දී ඇතැයි ද සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

පසුබැස්මට හේතු වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ පසුපස ක්‍රිකට් ආයතනයේ බලය සඳහා සබැඳි පුද්ගලයන් ද තරග පාවාදීමේ සූදුවේ නිරතව සිටින තැරුව්කරුවන් ද ආත්මාර්ථකාමීත්වය පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමට වෙර දරන පුද්ගලයන් ද සිටින බව තමාට නිරීක්ෂණය වන්නේ යැයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය මාධ්‍ය නිවේදනයෙන් සඳහන් කර තිබිණි.

‘ඉදිරියේ දි මේ සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට තව කාවහරි ගෙන්වීම තීරණය වෙන්නේ මේ කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසුවයි. දැනට එවැනි තීරණයක් අරන් නෑ. කොහොම වුණත් අපේ වාර්තාව ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාටයි. නීතිපතිවරයා තමයි තීරණය කරන්නේ මේ සම්බන්ධව ගත යුතු පියවර මොකක්ද කියලා.‘ සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කීවේය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved