Connect with us

පුවත්

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පී අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පී අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා ඊයේ(19) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 77 වන වියේ පසු වූ මොහු දෙදරු පියෙකි.

තවද ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද වේ.

ඒ මහතාගේ අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී ඊයේ සවස සිදු කර ඇත.

පුවත්

පාසල් සිසුවියක් නෙළුම් කුලුනෙන් වැටී මියයයි

Published

on

By

කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් බිමට පැන පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ‍ පොලිසිය සඳහන් කරයි.

එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

සාගරගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Published

on

By

මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ රටේ ප්‍රබල ව්‍යාපාරකයිනගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“මේ වන විට රජය විසින් ඉතාම සැලසුම් සහගතව ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ සහ මේ රටේ ප්‍රබල ව්‍යාපාරකයින්ගේ ආරක්ෂාව තර්ජනයකට ලක්කරමින් තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ තිබ්බ ආරක්ෂාව ඉවත් කළා. ඒ සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.

නමුත් පහුගිය කාලයේ දැඩිලෙස ජිවිත තර්ජන තිබ්බ මන්ත්‍රිවරු ඉන්නවා. පහුගිය කාලයේ එක් මන්ත්‍රිවරයෙක් මහා පාරේ ගහලා මැරුවා. තව මන්ත්‍රිවරයෙක් මහා පාරේ ගහලා කාර් එක ඇතුලේ තියලා ගිනි තිබ්බා. වෙල්ගම මැතිතුමා පහුගිය දිනක ඒ අකල් මරණයට හේතු වුණේ ඒ වාහනයේ ඇතුලට දාලා ගිනිතියලා ආග්‍රාහනය කරපු ඒ දුම් මත පපුවේ ඇතිවුණ සංකූලතාවයක් නිසා බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඒ වගේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දෙදෙනෙක් මහා මඟ මරාදාන්න කටයුතු කරපු තත්වයක් යටතේ සමහර දේශපාලඥයින්ට සහ ජීවිත තර්ජන ඇති ව්‍යාපාරකයින්ට පුද්ගලික පරිහරණය සඳහා ආයුධ ලබාදිලා තිබුණා. මේ වන විට කිසිදු සොයා බැලීමකින් තොරව එම ආයුධ ලබාගන්න හදනවා.

මේ විදිහට ආරක්ෂාව නැති කරලා තමන්ගේ විරුද්ධවාදීන් සියලු දෙනාගේ ආරක්ෂාව නැති කිරීම යම්කිසි කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවටත් අපිටත් තිබෙනවා.

ඔබලා යම්කිසි පුද්ගයෙකුගේ ආරක්ෂාව ඉවත්කිරීමට කටයුතු කරනවානම් පළමුව ඒ සම්බන්ධයෙන් නිසි ඇගයීමක් කරලා ඒ ඇගයීම මත ඒ අදාළ බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඒ අදාළ පුද්ගලයාට තර්ජනයක් නැහැ, ආරක්ෂාවක් අවශ්‍ය නැහැ කියලා සහතිකය අරගැනීමෙන් පසු ඒ කටයුත්ත කරන්න. ඔබතුමන්ලා ඉදිරි ඡන්දය බලාගෙන තමන්ගේ විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි දේ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

Continue Reading

පුවත්

සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන්

Published

on

By


සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට තරග කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (07) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු අවධාරණය කලේය.

අග්‍රාමාත්‍යධුරය අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ලැබීය යුතු බවත්, පක්ෂ දෙකකින් ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්වූවහොත් රට අස්ථාවර වනු ඇති බවත් උදයගම්මන්පිළ මහතා පෙන්වා දෙයි.

“සර්වජන බලය සන්ධානය පදක්කම ලකුනෙන් මෙවර මැතිවරණයට තරග කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved