Connect with us

පුවත්

ප්‍රසංග තහනම්!

Published

on

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවය.

ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බව පෙන්වා දුන්නේය.

මේ ප්‍රශ්නය පිළිබඳව වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

තම කණ්ඩායම රට පුරා ප්‍රසංග සහ සැණකෙළි සංවිධාන කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බව මෙහිදී අදහස් දැක්වූ සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පවසා සිටියේය.

තමන් රටට බරක් නැති රජයෙන් කිසිම දීමනාවක් නොලබන පිරිසක් බව පැවසූ විජේවීර මහතා ප්‍රසංගවලින් අය කෙරෙන දැරිය නොහැකි විනෝද බද්ද අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කලේය.

පුවත්

ඇල්පිටියට 9 දෙනෙකු ඇප තබයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් බාර ගැනීම අගෝස්තු 26 වැනි දින සිට ආරම්භ විය.

ඒ අනුව එදින සිට ඊයේ (10) දිනය දක්වා 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙලෙස ඇප තැන්පත් කාර තිබේ.

Continue Reading

පුවත්

පොහොට්ටුවේ වලි වේදිකාවට

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් රත්තොට ජන රැළියක් ඊයේ (10) පවත්වා තිබුණි.

මෙම ජන රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ඩයස් මහතාට විරෝධයක් එල්ල වි තිබේ.

මෙම ජන රැළියේදී නිශාන්ත ඩයස් මහතා රැළිය අමතමින් සිටියදී ඊට විරෝධය පළ කරමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් වේදිකාවෙන් පිටව ගොස් තිබුණි.

පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලග්ගල පැවති ජන රැළියකදී නාලක කෝට්ටේගොඩ මහතා අදහස් පළ කරමින් සිටියදී රැලියට එක්ව සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබේ.

එහිදී විරෝධය පළ කළ පිරිස පවසා තිබුණේ , නාලක කෝට්ටේගොඩ මහතා ඉවත් කර තිලක් බණ්ඩාර මහතාව ලග්ගල ආසනයේ සංවිධායක ධූරයට පත් කරන ලෙසය.

Continue Reading

පුවත්

තැපැල් ඡන්දෙ දාන්න තවත් අවස්ථාවක්

Published

on

By



මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව පවතී.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් හෝ ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවය.

ඒ අනුව අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved