Connect with us

පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා 2ක් ගැන COPF හිදී සාකච්ඡාවට

Published

on

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී (COPF) සාකච්ඡා කෙරිණි.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී – (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

ස්ථාවර නියෝග 121 ප්‍රකාරව සෑම වසරකම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟ අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්තමේන්තු පිළිබඳ වාර්තාවක් සහ අයවැය කාරක සභා අවස්ථාව ආරම්භ කිරීමට ප්‍රථම, සමස්ත වියදම සහ ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව මෙම වාර්තා දෙක සකස්කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණ අතර එම වාර්තා දෙක සකස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආචාර්ය දුෂ්නි වීරකෝන්, ආචාර්ය නිෂා අරුණතිලක සහ ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ගේ අදහස් ලබාගැනීමද මෙහිදී සිදු විය.

මෙම වාර්තා දෙකෙහි කෙටුම්පත් සකස්කිරීමෙන් අනතුරුව කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස් ද ඇතුළත් කොට ඉදිරියේදී මෙම වාර්තා දෙක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ජාතික විගණන කාරයාලය විසින් 2023 වර්ෂය සඳහා සකස් කරනු ලබන වාර්ෂික වැඩසටහන පිළිබඳව සලකා බැලීම ද මෙහිදී සිදු විය. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී – අනුප පස්කුවෙල් මහතා විසින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීම සහ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය.

Continue Reading

පුවත්

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම ගැන ගත් තීරණය 

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධතියක් ලෙස එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ථ සේවක මණ්ඩලය ආවරණය වන පරිදි පසුගියදා(23) මාර්ගගත ක්‍රම ඔස්සේ පැවැත්වුණි.

සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යෑමටත්, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීමටත්, ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑම ආයතනයක් විසින් කාලීන ඇගැයීම් සිදුකරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමටත් මෙහිදී අවධානය යොමු වී තිබේ.

එමෙන්ම විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් මත ක්‍රියාත්මක කරවීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වූ බව විදුලි බල මණ්ඩලය දැනුම්දෙයි.

බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියළුම සේවකයින්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට සියළු සේවක ස්ථර නියෝජනය කරමින් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (05) පස්වරු 6.00 සිට 06 වැනිදා පෙ.ව 6 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජා ඇල, කටුනායක, සිදුව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ජා – ඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙසේ ජල සැපයුම් අත්හිටුවන බවය.

Continue Reading

පුවත්

LTTE ඇඳුම් හොයන්න හදිසියේ සුජීවගේ ගෙට පනියි

Published

on

By

එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඇඳුම් ඇති බව පවසමින් දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් හදිසියේම තමාගේ නිවසට පැමිණ විමර්ශනයක් සිදු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

අද (04) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සුජීව සේනසිංහ මහතා මේ බව සඳහන් කලේය.

කුමන ආණ්ඩුවක් පත්වූවත් දේශපාලන පළිගැනීම්වලට එරෙහිව තමා මින් පෙර අවස්ථාවලදීද පෙනී සිට ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීමට කැමති බවද සුජීව සේනසිංහ මහතා මෙහිදී පවසා තිබේ.

ඔහු තවදුරටත් සඳහන් කළේ මාලිමාව බලයට පත් වූ විගස සුමානයක් ඇතුළත් 70ක් පමණ අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු දුන් අතර මේ වන විට නව ආණ්ඩුව විශ්‍රාම ගිය දේශපාලනයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරීන් පොලීසියට පත් කර දේශපාලනයේ නියැලෙන බවය.

 “එල් ටී ටී ඊ සංවිධානය ඉවර වෙලා අවුරුදු 15කට පස්සේ, එල් ටී ටී ඊ ඇඳුම් තියෙනවා කියලා මොනවද හොයන්න තියෙන්නෙ පොලීසියට. පොලීසිය ඔච්චර කල් මොනවද හෙව්වේ එතකොට, අපේ ගෙදර එච්චර කල් ඇඳුම් තිබ්බේ නැද්ද? මං අඳින්නේ එල් ටී ටී ඊ සංවිධානයේ ඇඳුම්ද? හෙන බොරුවක්නේ, එල් ටී ටී ඊ කියලා ගාවනවා උසාවියේ කියලා තීන්දුවක් ගන්නවා, විනිසුරු පනිශ්මන්ට් දෙන්න ඕන මේ වගේ පොලිස් නිලධාරීන්ට”    

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved