Connect with us

පුවත්

පාර්ලිමේන්තුවෙන් රට හදනවා

Published

on



ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මැතිවරණය පැවැත්වෙන තෙක් දේශපාලඥයා නොව මහජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තවදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රට හදන්න පාර්ලිමේන්තුවෙන් පටන් ගන්නා බවය.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල පැවැති ජන රැලියක් අමතමිනි.

“අපේ රටේ ජනතාව තවදුරටත් රැවටීමේ දේශපාලනයක හිරකළ යුතු නැහැ. පව් කොච්චර කාලයක් රැවටුනාද? කොච්චර කාලයක් හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් වැඩකළාද ? අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හානිවෙන්න ඉඩ නොදී වැඩකටයුතු කරන බව අපි ඔබට සහතික කරනවා. අපේ රටේ කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුනපුනා බලාගෙන ඉන්න මැතිවරණය නැද්ද ? 21කත් කල් වැඩී වගේ හිත්නේ නැද්ද ? මොකද ඒ තරමට ජනතාවගේ උනන්දුව, උද්යෝගය අපේක්ෂාව ප්‍රබල වෙලා තිබෙනවා. මීට කලින් ඡන්දේ දින ගණින්නේ දේශපාලකයා, ඡන්දේ එනතුර බල බලා ඉන්නේ දේශපාලකයා, හැබැයි ලංකාවේ පළමු වතාවට දේශපාලකයා වෙනුවට ඡන්දේ එන තෙක් මැතිවරණය බලාගෙන ඉන්න මැතිවරණයක් තමයි සැප්තැම්බර් 21ක පවත් වන්නේ. තවදුරටත් ජාතික ජන බලවේගයේ වේදීකාවේ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් අපිටත් වැඩිය උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරට අරගෙන ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ.. ඔබ අතේ තමයි ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පවතින්නේ. මහ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසිදු වෙනවා. මිරිස් කුඩු ගේන, පාර්ලිමේන්තුවේ මයික් කඩන එහෙන් මෙහෙන් පොත්පත්වලින් ගහගන්න, පුටු කඩන.. සුද්ද කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් මේ රට හදන්න. ඒ නිසා මහ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ගෙදර යවමු. ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පුරවමු.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved