Connect with us

පුවත්

“පාර්ලිමේන්තුවේ ඉන්න 225ම රූකඩ”

Published

on

ඡන්දෙට කෝටි 40 මුදලක් වියදම් කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරු ඒ ආකාරයේ පස් ගුණයක මුදලක් උපයා ගැනිමට උත්සහ ගන්නා බව පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

රණසිංහ මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රොෂාන් රණසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

අපි ගෝඨාභය බලයට ගෙනාවේ දූෂණයෙන් තොර රටක් හදන්නයි. විවිධ අඩුපාඩු නිසා ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ කඩා වැටීමට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. අසූ අට අසූ නවය යුගයක් ඒකට වග කියන්න ඕන.මේ රට කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු විධායක ජනාධිපති ධූරය අහෝසිවිය යුතුමයි. කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි 40 වියදම් කරලා මොකටද පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ කියලා ඔබතුමා දන්නවා. ආපු වෙලාවේ ඉඳලා වියදම් කළා වගේ පස් ගුණයක් හම්බ කරන්න උත්සහ දරනවා. රට කඩා වැටීම ඒකෙ ප්‍රතිඵලයක්. ආසනයට වග කියන මන්ත්‍රීවරයකු හදන්න ඕන. රජය එක මැතිවරණයක් සඳහා කෝටි දාහක් වියදම් කරනවා. මේ මුදල් වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණද. විශ්ව විද්‍යාල පහළොවක් හදන්න තිබුණා. අපේක්ෂකයන් කොච්චර සල්ලියක් නාස්ති කරනවද.මේ මැතිවරණය සාධාරණද. මැතිවරණ කොමිසමම මුලින්ම අසාධාරණයක් කරනවා. අපේක්ෂකයන් තිස්නවයක් ඉද්දි අපේක්ෂකයන් හතර දෙනෙකුට පමණක් තැන් හතරකට ජනතාව ගෙන්වන්න අවස්ථාව දෙනවා. ඒකම අසාධාරණයක් නේ.මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙනකම් රට හදන්න බැහැ. පොල් ගහට දෙල් ගහ කියන ක්‍රමය නැවැත්විය යුතුයි. මේ මන්ත්‍රීවරුන් 225 දෙනා අද රූකඩ.මම ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරන්න.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved