Connect with us

පුවත්

පාර්ලිමේන්තුවේ විදුලි බිල කෝටි 7 පන්නයි; කතානායකගේ බිල ලක්ෂ 24යි

Published

on

පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක් තිබෙන බවත්,පාර්ලිමේන්තු සංකීර්ණයට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී විදුලි බිලේ එකතුව රුපියල් හත් කෝටි තිස් එක් ලක්ෂයක් බව වාර්තා වේ.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බිල රුපියල් එක්කෝටි විසි අට ලක්ෂ පනස් දෙදහසක් බවද පැවසේ.

 මේ අතර, කතානායකවරයාගේ නිල නිවසට අදාළව ඉකුත් මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස හයක විදුලි බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 24 ක් බවද වාර්තා වේ.

එම කාලය තුළදී නුවරඑළිය සෙන්පති නිවසේ විදුලි බිලේ එකතුව රුපියල් දහඅට ලක්ෂයක් බවද පැවසේ.

මෙම විදුලි සබඳතාවලට අමතරව,මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීරණය සඳහා විදුලි සබඳතා 120 ක් සහ ජයවඩනගම නිලධාරී නිල නිවාස සඳහා විදුලි සබඳතා 15 ක් තිබෙන බවද පාර්ලිමේන්තුව සඳහන් කර තිබේ.

මාදිවෙල මන්ත්‍රි නිල නිවාසවල දැනට මන්ත්‍රිවරුන් 109 දෙනකු පදිංචිව සිටිති.මෙම නිවාස වලට අදාළ විදුලි බිල්පත් පාර්ලිමේන්තුව විසින් ගෙවා ඒවා පසුව මන්ත්‍රිවරුන්ගේ වැටුපෙන් අඩු කරගන්නා බවද පාර්ලිමේන්තුව කියයි.

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රි නිල නිවාසවලට අදාළව ඉකුත් මැයි සිට ඔක්තෝබර් දක්වා වූ මාස හයක කාලයේ විදුලි බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 46 කි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved