Connect with us

පුවත්

පාර්ලිමේන්තුව අවසන් කරන ගැසට්ටුව එයි! (Update)

Published

on

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය එළැඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වීමට නියමිතය.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වේ.

ඒ අනුව 75වන නිදහස් දින සැමරුමත් සමඟ රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාල සීමාවේ නිදහසේ  සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(පෙර පුවත: 2023 පෙබරවාරි 27, ප.ව.04:10)

පාර්ලිමේන්තුව අද රෑට අවසන් !

නවවෙනි පාලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බවද පැවසේ.

ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද වාර්තා වේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved