Connect with us

පුවත්

පාර්ලිමේන්තුව පෙබරවාරි 5  සිට 7වැනි දා දක්වා රැස්වෙයි

Published

on

පාර්ලිමේන්තුව පෙබරවාරි 5 වැනි බදාදා සිට 7වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පසුගිය 23 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

පෙබරවාරි 5 වැනි බදාදා 

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. 

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. 

පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර තිබේ. 

පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. 

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි. 

ප.ව 3.30 – ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. 

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. 

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. 

ප.ව 5.00 – ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර ඇත.

පෙබරවාරි 7වැනි දා සිකුරාදා

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. 

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.
පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිතව ඇත. 

ඒ යටතේ,

– හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ වතු ආශ්‍රිතව පවතින මාර්ග රජයට පවරා ගැනීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව , 

– කිංස් නෙල්සන් මහතා විසින් ඉදිරිපත් කළ සමුපකාර සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට නිසි ප්‍රසම්පාදන වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව , 

– රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ රජය සතුව සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහා වැඩ පිළිවෙලක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව , 

– චමින්ද විජේසිරි මහතා විසින් ඉදිරිපත් කළ කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, 

– රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සහ 

– රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ කොවිඩ් – 19 වසංගතයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීමෙන් වැළකී ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

තවද දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කොට ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2025.02.05 වැනි දිනට ප්‍රථම කථානායකවරයා වෙත ලැබුනහොත් එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයද 2025.02.06 වැනි දින පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා එදිනට නියමිත වැඩකටයුතු සමග විවාදයට ගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

පුවත්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved