පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහනුවරදී ඊයේ (31) පැවති ගෑස් සිලින්ඩරයෙන් තරඟ කරන නව ප්‍රාජාතන්ත්‍රවාදි පෙරමුණේ පාක්ෂික හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කලේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බවය.
කුණු ඇඳුම් විසිකර ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳගන්නැයි ජනාධිපතිවරයා රටේ මාධ්‍යයට පවසා තිබෙන නමුත් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට තේරෙන දේ වත් රටේ ජනාධිපති, අගමැති, ඇමති තුන් කට්ටුවට නොවැටහෙන බව හිටපු ජනාධිපතිවරයේ මෙහිදී පවසා තිබේ.
උදය සෙනෙවිරත්න වාර්තාව, බොරු වාර්තාවක් බවට අගමැතිනිය ප්‍රකාශයක් සිදු කර ඇති අතර අගමැතිවරයෙක් බොරු ප්‍රකාශ සිදු කළ හොත් එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සම්ප්‍රදායක් ඇති බව හරිනි අමරසූරිය මහත්මිය දැනගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කලේය.
“පාර්ලිමේන්තුවේ ඡන්ද තියෙන්නේ මහජන නියෝජිතයින් තෝරන්න , කවුද ඒක තෝරන්නෙ ඔබ , මෙතන ඇවිල්ල තර්ජනය කරනවා පාර්ලිමේන්තුව සුද්ද කරනවලු, ඔයා සුද්ධ කරන්න අබාන්ස් එකේද, ඒක ජනතාවගේ වැඩක්”