Connect with us

පුවත්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම

Published

on

2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් 2025.05.23 වැනිදා එම කාරක සභාවේ සභාපති ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

එම කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පහත දැක්වෙන අයුරින් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිශෝධනය කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි.

තවද පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති/අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් වැඩිදුරටත් තීරණය කරන ලදී. 

මෙම මිල ගණන් ප්‍රතිශෝධනය කිරීම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සපයනු ලබන ආහාරවල පිරිවැය ආවරණය කිරීම සම්බන්ධව භාණ්ඩාගාරය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරනු ලබන ඉල්ලීම මත වසර තුනකට වරක් ගනු ලබන තීරණයකි.  

මෙම ගෘහකාරක සභාව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයන්ගෙන් සංයුක්ත වන කාරක සභාවක් වේ.

පුවත්

මහනුවර ඇසළ පෙරහැරට දින නියම කෙරේ

Published

on

By

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කර ඇත්තේ, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25දා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරෙන බවයි. 

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළේය.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30දා වීදී සංචාරය කෙරෙයි.

කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04දා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතය.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08දා) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

පුවත්

‘ඉමියුනෝග්ලෝබින් – රිටොක්සි මැප්’’ ඖෂධ ගුණයක් නෑ‘‘

Published

on

By

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට අද දැනුම් දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු මනෝප්‍රිය ගුණසේකර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය එසේ කීවාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩඩ් බබාරයේ පසුවන බාලඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑනාට ඇප (UPDATE)

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

ඊට පෙර, ඔහුගේ අනෙක් දියණියන් දෙදෙනා හා බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි. එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5  බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබුණි.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.7:42)

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට ඇප (UPDATE)

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑණා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 19, ප.ව.3:36)

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved