Connect with us

පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින්වර තමා වෙත කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් දීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි ද පැවසේ.

ඊට පසුගිය දිනවල ඇති වූ ආන්දෝලනාත්මක කරුණු දෙකක්ද හේතු වී ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකූඩුව තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමත් සමග රට තුළ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් දෙදෙනකු දීමට එක් හේතුවක් වී ඇත. අදාළ අපරාධය වූ දින එය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි මහජන ආරක්ෂක ඇමැති නීතිඥ සුනිල් වටගල අධිකරණ පරිශ්‍රයෙන් පිටවී යෑමේදී සිය වාහනය ගෙන්වා ගැනීමේදී ඇති වූ තත්ත්වයද මෙලෙස මන්ත්‍රිවරුන්ට පොලිස් නිලධාරින් දෙදෙනකු දීමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොමැති බව සඳහන් කරමින් ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

“යුද්ධ කළේ සාමය වෙනුවෙන් තමයි”

Published

on

By

තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි.

එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, තමා මෙම සැමරුමට එක්වුයේ යුතුකමක් ඉටුකිරීමට පමණක් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ.

ඔව් ඉතින් යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමා. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න.

ඉදිරියට මේවා කරයි ද ? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ.

යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා. යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි.

ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. රට ආරක්ෂා කරන්න ඕනේ…”

Continue Reading

පුවත්

කෙහෙළිය යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. 


(පෙර පුවත 2025 මැයි 20 පෙ.ව.10.22 )

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved