Connect with us

පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන

Published

on

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව වාර්තා වේ.

ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි විදුලි පහන් 4 ක් ඉන් කිහිපයකි. 

ඊට අමතරව වැටුප් සහ දීමනා ගණනාවක්ද ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54285/- කි. එක් පාර්ලිමේන්තු දිනක රැස්වීම් සඳහා රු. 2500/- දීමනාවක්ද හිමිය.

මන්ත්‍රීවරුන්ට හිමිවන ඊළඟ වරප්‍රසාදය වන්නේ රු. 2000/- ක මාසික කුලියකට මන්ත්‍රී නිවාසයක් ලැබීමයි.

ඊට අමතරව මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලැබේ. 

මේ හැර රුපියල් දස ලක්ෂයක් වටිනා රක්ෂණ ආවරණයක් මන්ත්‍රීවරයකුට හිමි වෙයි. 

මන්ත්‍රීවරයකුගේ ජීවිත හානියකදී රුපියල් කෝටියක වන්දියක් පිරිනැමේ. 

මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය අසනීපවලට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කෙරේ.

මේ හැර මන්ත්‍රීන්ට තීරු බදු සහන සහිතව වාහන බලපත්‍රයක් සහ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්ද ලැබේ. 

මෙයට අමතර මැති සබයේදී මන්ත්‍රීවරයකු පවසන කරුණක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක. 

ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාවක්ද නොමැති බව වරප්‍රසාද පනතේ සඳහන්ය.

මේ ආදී ප්‍රධාන වරප්‍රසාද 7 ක් සහ අතුරු වරප්‍රසාද ගණනාවක් මන්ත්‍රීවරයකුට හිමිවන බව ඊට අදාළ විධි විධානවල සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved