Connect with us

පුවත්

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාමාජිකයන් පත් කරයි

Published

on

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.  

ඒ අනුව ඉහත කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස නසීර් අහමඩ්, අරවින්ද් කුමාර්, අනුර ප්‍රියදර්ශන යාපා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මොහමඩ් මුසම්මිල් , චමින්ද වි‍ජේසිරි, වරුණ ලියනගේ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, කෝකිලා ගුණවර්ධන, ලලිත් වර්ණ කුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක්

Published

on

By

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් වේ.

සබැඳි පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අධිකරණ නියෝගයක්

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved