Connect with us

පුවත්

පාස්කු ප්‍රහරයේ සාක්ෂි රෙකෝඩ් කළ නීතීඥයාගේ නීතිඥ භාවය අහෝ​සි කරයි

Published

on

පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්කි විමසීමක් සිය ජංගම දුරකතනය මඟින් පටිගත කිරීමට වරදකරු වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය මාස 8ක කාලයකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඊයේ (24) නියෝග කරන ලදි.

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නිසාම් මොහොමඩ් ෂමීන් නමැති නීතිඥවරයාගේ නීතිඥභාවය මෙලෙස අත්හිටුවන තිබේ. 

එම නීතිඥවරයාට එරෙහිව අදාළ කොමිසමේ ලේකම්වරයා විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළව කරුණු විභාග කර අවසානයේ එහි තීන්දුව ලබා දෙමින් මෙම නියෝගය කරන ලදි.

බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්කි විමසීම සිදු කෙරුණු ඉකුත් 2020 සැප්තැම්බර් මස 9 වැනිදා “සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව” වෙනුවෙන් “මොහොමඩ් මුර්සියා මර්ෂා මුල්ලා” විසින් සාක්ෂි ලබා දෙමින් සිටියදී මේ පටිගත කිරීම සිදු කර ඇති බව පැවසේ.

ඒ සම්බන්ධයෙන් එම කොමිසමේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් මහතා නීතිඥවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ රීති කඩ කිරීම යටතේ නඩු විභාගයක් පවත්වන ලදි.

එහි තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ නීතිඥවරයා සිදුකර ඇති‍ ක්‍රියාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්වල සඳහන් විසිතුන් වන රීතිය උල්ලංඝනය වන බවය.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved