Connect with us

පුවත්

පිංවත්තේ ඝාතනයට ව්‍යාපාරිකයාගේ පළමු බිරියට ඇගිල්ල දිගුවෙයි!

Published

on

පානදුර පිංවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළව ඔහුගේ පළමු බිරිඳ ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි සුරාසල් හිමිකරුවකු වූ අනුරාධ සම්පත් කුඩාගම නමැති 52 හැවිරිදි ව්‍යාපාරිකයකු පසුගිය 28 වැනිදා උදෑසනය මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි.

එම ව්‍යාපාරිකයා සිය පළමු විවාහයේ බිරිඳ අත්හැරීමෙන් පසුව කළුතර ප්‍රදේශයේ දෙදරු මවක් සමගින් පිංවත්ත ප්‍රදේශයේ නිවසක ජීවත්ව ඇති බවත්, වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය සහ ඇගේ දරුවන් පාසල් හැරලා පිංවත්තේ ඉදිවෙමින් පවතින ව්‍යාපාරිකයාගේ නිවස අසලට පැමිණි අවස්ථාවේදී නන්නාදුනන යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එම වෙඩි ප්‍රහාරයෙන් දකුණු කම්මුලින් ඇතුළු වූ වෙඩි උණ්ඩ ගෙල හරහා වම් කිහිල්ලෙන් ඉවතට පැන මරණකරු මෝටර් රථයේම මියගොස් තිබිණි.

එම වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය වාද්දුව වේරගම ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියෙදී හමුවූ අතර එහි අංක තහඩු ව්‍යාජ ඒවා බව විමර්ශන මගින් හෙළිවී තිබිණි.

ව්‍යාපාරිකයාගේ පළමු විවාහක බිරිඳ හා ඇයගේ පාර්ශ්වය සමගින් මෑතකදී ඇතිකරගත් ගැටලුවක් මත මෙම ඝාතනය සිදුවූයේද යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශන සිදුකර සිටියි. 

එමෙන්ම ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා පිංවත්තේ ඉඩම සම්බන්ධයෙන් තවත් පුද්ගලයකු හා ආරවුලක්ද ඇතිකරගෙන ඇතැයිද එකී පුද්ගලයාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුවී ඇත්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මෙම ඝාතනයට අදාළව ප්‍රකාශ ලබා ගත් පිරිස අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ, ඔහු හා ජීවත්වූ කාන්තාව, ඔහුගේ සේවකයන් ඇතුළු 15 දෙනෙකු සිටිති.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති අතර පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

සබැඳි පුවත්

පිංවත්තේදී තවත් අයෙකුට වෙඩි!https://sinhala.srilankamirror.com/news/%e0%b6%b4%e0%b7%92%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%94%e0%b6%a7-%e0%b7%80/

පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved