පිටිගල හොරන්ගොල්ලේ වෙළෙඳ සැළක හිමිකරුවෙක් ඉලක්කර පසුගිය 11 වැනිදා රාත්රී කාලයේ එල්ලවුණු වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50ක කොන්තාත්තුවක් මත ඩුබායි පාතාලය විසින් වෙඩික්කරුවන් යොදවා සිදුකර ඇති බවට සැකකරන තොරතුරු රැසක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.
එම වෙඩි තැබීමෙන් වෙළෙඳ සැල් හිමිකරුගේ ජීවිතය බේරුණ ද වෙළෙඳ සැලට පැමිණ සිටි දෙදෙනෙක් මියගොස් කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක කොන්ත්රාත්තුව ඩුබායි හී රැඳී සිටින මෙරට පාතාල අපරාධකරුවකුට ලබා දී ඇත්තේ පිටිගල පදිංචිකරුවෙක් විසින් බවට සැකකරන තොරතුරු ද හෙළිවී තිබේ.
එම පුද්ගලයා ඇතුළු කිහිප දෙදෙනක් මේ වන විට පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්රශ්න කරමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.
රුපිියල් ලක්ෂ 50ක මුදල අදාළ පුද්ගලයා විසින් ලබා දී ඇතැයි පැවසෙන්නේ ඔහු සතුව තිබුණු මෝටර් රථයක් විකුණා බවට ද සැකයක් මතුව තිබේ.
එසේ මෝටර් රථයක් අදාළ පුද්ගලයා විසින් අලෙවිකර තිබේදැයි සොයා මේ වන විට විමර්ශන පැවැත්වෙන බවත් ලැබී ඇති තොරතුරු තහවුරු වුවහොත් එම පුද්ගලයන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සුදානම්වන බවද වාර්තා වේ.
මෙම ඝාතන කොන්ත්රාත්තුවට මුල් වී ඇත්තේ කොන්ත්රාත්තුව ලබාදුන්නේ යැයි සඳහන් පුද්ගලයාගේ සහෝදරයකු පසුගිය වසරේ සැත්තැම්බර් 03 වැනිදා ඝාතනය කිරීමකි.
එම ඝාතනය වෙළෙඳ සැල් හිමිකරු විසින් සිදුකර ඇති බවත් ඊට පළිගැනීමට ඝාතනය වූ පුද්ගලයාගේ සහෝදරයා විසින් පාතාලයට කොන්ත්රාත්තුවක් දී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
සිය සහෝදරයා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඩුබායි පාතාලයට කොත්ත්රාන්තුවක් දී වෙළෙඳ සැල් හිමිකරු ඝාතනය කිරීමට උත්සහ කළේ යැයි කියන පුද්ගලයා හමුදා සේවයේ නිරතව සිටි අයෙක් බව ද කියැවේ.
මෙම ඝාතන කොන්ත්රාත්තුව ඔහු විසින් ලබා දී ඇතැයි පැවසෙන්නේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල අපරාධකරුටය. කරන්දෙණිය හිත හොඳ දොස්තර ඇතුළු කොන්ත්රාත් ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් ලෙස පොලිසිය කරන්දෙණිය සුද්දාව හඳුනාගෙන සිටී.
තම “මල්ලිගේ” ඝාතනයට පලිගැනීමක් ලෙස 35 හැවිරිදි අයියා තවත් අයකු සමඟ වෙඩි ප්රහාාරයට දින දෙකකට පෙර අදාළ වෙළෙඳ සැල ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර ඇති බව ද සඳහන්ය.
පොලිස් භාරයේ සිටින අය අතර ජංගම දුරකථයෙන් වෙළඳසැල වීඩියෝගත කළ පුද්ගලයාද සිටින බව සඳහන්ය.