Connect with us

පුවත්

පිරමීඩ ක්‍රම දිරිගැන්නුවොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට

Published

on

නීති විරෝධි පිරමීඩ යෝජනා ක්‍රම දිරි ගන්වන්නන්ට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද ඒ අනුව එවැනි ක්‍රියාකාරකමක් කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් මාධ්‍යවෙත අනාවරණය කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ එසේම එය නීතියෙන් ඇපදිය නොහැකි වරදක් බවය.

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම ඒවා නිත්‍යනූකූල බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවද ඔහු කියා සිටී.

නීති විරෝධි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නන් ඒවා සාධාරණීකරණය කිරීමට කරුණු 4 ක් මුල්කර ගනිමින් ආයෝජන ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව මහ ජනතාවගෙන් මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති බවත් හු පවසයි.

මාර්ග ගත ක්‍රමය හරහා ක්‍රියාත්මක මෙම යෝජනා ක්‍රම නීත්‍යානූකූල බව පෙන්වීමට කූට ලෙස කටයුතු කරන ජාවාරම්කරුවන් තමන්ගේ ව්‍යාපාරයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසින්ට අනුකූලව කටයුතු කරන බව පෙන්වීමට විවිධ උත්සහ දරමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (ඔක්තෝම්බර් 07) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

කලා

ජැකී චෑන්ගේ පැන්ඩා ප්ලෑන් එළිදකියි (වීඩියෝ)

Published

on

By

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි.

‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

මෙහිදී අදහස් දැක්වූ ජැකී චෑන් පවසා ඇත්තේ මේ චිත්‍රපටිය සමග, ලොව පුරා සිටින තවත් දරුවන්  පැන්ඩාවන් පිළිබඳව දැනගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

Continue Reading

පුවත්

මන්ත්‍රීවරුන්ගේ තවත් වරප්‍රසාදයක් අහිමි වෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් වන බැවින් එම මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසය .

එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබයි.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා,ඉන්ධන දීමනා,නිල නිවාස මෙසේ අහිමිවී ගිය සෙසු පහසුකම් වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved