Connect with us

පුවත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

Published

on

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.

පුවත්

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදාහැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙනි.

ඊට අමතරව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කලේය.

Continue Reading

පුවත්

2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි, චීනයෙන්

Published

on

By

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ලබාදීමට චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළකර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සමස්ථ රෙදි ප්‍රමාණය මීටර මිලියන 11.82කි.

එම සම්පූර්ණ ප්‍රමාණයම, ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළකර තිබේ.

මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂන අමාතය වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරිය වෙතින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Continue Reading

පුවත්

තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නපුවෙන්

Published

on

By

ලියාපදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලුණුවිල – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනක් බව වාර්තා වේ.

රජයට අයත් වාහන පහක් නිවසක සගවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ඩිෆෙන්ඩර් රථය සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ ලියාපදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved