Connect with us

පුවත්

පිරිසක් අසනීප නිවාඩු දමයි

Published

on

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා මහතා පැවසුවේය.

පුවත්

අනුරාධපුර රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂාව ගැන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවේ සභාපති ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ (පාලන) ඩබ්.යු.කේ.කෘෘස් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරී ඕ.බී.ජේ ද සිල්වා මහත්වරුන් පත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

පසුගිය මාර්තු 10 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරියෙකුට සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදුකර ඇති නිරීක්ෂණයන්ට අනුව එම රෝහලේ සැලකිය යුතු පරිපාලන ඌනතා පසුගිය වසර කිහිපයක් පුරා හඳුනාගැනීමට හැකිව තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂාව සහ පහසුකම් සැපයීම, රෝහලෙහි ස්ථාවර හා ජංගම වත්කම් සම්බන්ධව නිසි කළමනාකරණයක් දක්නට නොමැති වීම ආදී හේතු නිසා මෙම තත්ත්වයන් උද්ගත වී ඇති බවට වාර්තා වන බැවින් මේ සම්බන්ධව විමර්ශනයක් කර වාර්තාවක් සැපයීම සඳහා ඉහත කමිටුව පත් කර ඇති බව සඳහන්ය.

ඒ, අනුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශයන් ද ඇතුළත්ව 2025 මාර්තු 24 දිනට පෙර අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පත්කළ විමර්ශන කමිටුවට දන්වා ඇත.

Continue Reading

පුවත්

නීති විද්‍යාලයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය මාර්තු 17 සිට

Published

on

By

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මේ මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය.

නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් යාවත්කාලීන පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක්කෙරෙනු ඇත.

දේශීය මෙන් ම විදෙස් පොත්පත් අළෙවි කුටියක් ද සිය සහභාගීත්ය තහවුරු කර තිබේ.

මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධානය කර ඇති අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් එකම ස්ථානයෙන් ලබා ගැනීමේ අවස්ථාව මෙවර ප්‍රදර්ශනයෙන් පාඨකයාට අවස්ථාව හිමිවේ.

නීති සිසුන්, නීතී වෘතිකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන් ඇතුළු පාඨකයන් ඉළක්ක කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය එළඹෙන 17වන දා පෙ.ව 10.00ට විවෘත වී පුරා දින හතරක් පැවැත්වීමට නියමිතය.

පෙ.ව. 09.00 සිට ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කර තිබේ.

මෙරට නීති සාහිත්‍යයේ උන්නතිය අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම පොත් ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සිසුන්, ආදි විද්‍යාර්ථීන්, රාජ්‍ය, පෞද්ගලික හා විදෙස් විශ්වවිද්‍යාලවල නීති සිසුන්, නීති වෘතිකයන්, පාසල් සිසුන් ඇතුළු සියලු පාඨකයන්ට නීති ශිෂ්‍ය සිංහල සංගමය ආරාධනා කරයි.

Continue Reading

පුවත්

හිඟුරක්ගොඩ සංගීත ප්‍රසංගයක ප්‍රේක්ෂකයින් යකා නටයි

Published

on

By

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

හිඟුරක්ගොඩ – දිවුලන්කඩවල ජනාධිපති විදුහල් ක්‍රීඩාංගණයේ දී මෙම ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් ප්‍රකෝපකාරීව හැසිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

සංගීත ප්‍රසංගය සඳහා සහභාගීවන බවට ලෙස මීට පෙර දැන්වීම්කර තිබූ ගායන ශිල්පින් දෙදෙනෙක් ඊට නොපැමිණීමත් සමඟ ප්‍රේක්ෂකයින් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ.

ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රේක්ෂකයින් වේදිකාවට, සංගීත භාණ්ඩවලට ඇතුළු දේපළවලට දැඩි ලෙස හානි සිදුකර ඇති බව ද සඳහන්ය..

මෙම ප්‍රසංගය සඳහා නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටර් සංගීත කණ්ඩායම සංගීතය සපයා ඇති අතර, ඊට ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තා විය.

සංගීත ප්‍රසංගය සඳහා ප්‍රේක්ෂකයින්ට රුපියල් 1,000 සහ රුපියල් 2,500 යන මිල ගණන්වලට ප්‍රවේශ පත් නිකුත් කර තිබේ.

මේ අතර ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45 දෙනෙකු පමණ රාජකාරියේ යොදවා තිබුණ ද ඇති වූ තත්ත්වය පාලනය කිරීමට එම නිලධාරීන්ට හැකි වී නැත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved