Connect with us

පුවත්

පිරිසක් එනකොට පිරිසක් යළි වර්ජනයකට සුදානමින්

Published

on

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබුණි.

මේ අතර සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේ දී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය හෙට (16) දිනයේදී රැස්වී අවසන් තීරණය ගන්නා බවය.

පුවත්

දියතලාව, නරියාකන්දේ ගින්නෙන් අක්කර 12ක් විනාශ වෙයි

Published

on

By


දියතලාව, නරියාකන්ද රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් එහි අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එම රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ ගින්න හටගත් බව පොලිසිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය, යුද හමුදාව හපුතලේ අඩවි වන නිලධාරින්, බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් මෙන්ම ප්‍රදේශවාසින් ද එක්ව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

Continue Reading

පුවත්

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 29ක් අතුරුදන්

Published

on

By

උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබෙන බව ‘ලංකාදීප’ වාර්තා කර තිබේ.

ප්‍රධාන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෙඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාල කිහිපයක තිබු වාහන හා යතුරුපැදි මෙසේ අස්ථානගතව තිබෙන බව වාර්තා කර ඇත.

අස්ථානගතව ඇති මෙම වාහන 19ට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධාරින් විසින් භාවිතා කළ මෝටර් රථ,කැබ් රථ හා ජිප් රථද ඇතුළත් බවද එහි සඳහන්ය.

අතුරුදන්ව ඇති යතුරු පැදි ක්ෂෙත්‍ර නිලධාරින්ට ලබාදුන් ඒවා වන අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාව අයත් මෙම වාහන පළාත් සභාව තුල භෞතිකව දක්නට නොලැබුණ බවද විගණන වාර්තාවේ සදහන් වන බව ‘ලංකාදීප’ වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

පල්ලේකැලේ බන්ධනාගාරයේ රැඳෙවියෙක් පලා යයි

Published

on

By



වසර 11ක් පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ රදවා සිටි රැදවියකු අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ, මෙසේ පලාගොස් ඇත්තේ අවුරුදු 54 ක් වන බොරැල්ල – බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි රැදිවියකු බවය.

පලාගිය රැදවියා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයේ යොදවා සිටියදී මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙම රැදවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවීම සම්බන්ධයෙන් වසර 11 ක් සහ මාසයක් එම සිරකඳවුරේ රදවා සිටි අයකු බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved