Connect with us

පුවත්

පිල්ලෙයාන් අත්අඩංගුවට

Published

on

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව මඩකලපුවේදී අත්අඩංගුව⁣ට ගෙන ඇති බව වාර්තා වෙයි.

පුවත්

මඩු මංගල්‍යයට යන්න අද මීගමුවෙන් කෝච්චියක්

Published

on

By

වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක් ලබාදීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 11 වන දා මීගමුව නගර සභාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ අනුව අද (13) රාත්‍රී 9:00ට මීගමුවෙන් විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත අතර මරදමඩු මංගල්‍යය සඳහා ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් කුරණ, කටුනායක, සීදුව, ජාඇළ, කඳාන, රාගම යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර කරනු ලබන අතර රාගම සිට ගම්පහ, වේයන්ගොඩ, මීරිගම යන දුම්රිය ස්ථානවලදී ද බැතිමතුන්ට දුම්රියට ගොඩ විය හැකිය.

මරදමඩු මංගල්‍යය සඳහා සූදානම් කර ඇති මෙම දුම්රිය අද රාත්‍රී 9.00ට මීගමුවෙන් පිටත්වීමට නියමිත අතර නැවත මංගල්‍ය පූජා කටයුතු අවසන් වීමත් සමග ලබන 15 වන දා සවස 4:00ට මීගමුව බලා දුම්රිය පිටත් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

අගමැතිනිය නිලධාරීන්ට දෙහි කපයි (වීඩියෝ)

Published

on

By

රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි තොරතුරු දැනගෙන සූදානමින් පැමිණෙන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

කිසිදු සූදානමකින් තොරව එන්නන් වාලේ ඇවිත් කාලය කාදැමීම කිසිසේත්ම අනුමත කරන්නට නොහැකි බවත් එහෙම සූදානමක් ඇතිව එන්න බැරි නම් මේ රැස්වීමට එන්න එපා යැයිද ඇය අවධාරණය කරයි.

ඊයේ (12) කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින් අගමැතිනිය විසින් මෙසේ පවසන ලදී.

“තොරතුරු නිවැරදිව ලබාදිය හැකි නිලධාරීන් පමණක් රැස්වීම්වලට එන්න. සූදානමක් ඇතිව එන්න. නැති නම් මේ සංවර්ධන වැඩසටහන් සිදුකරන්ට නොහැකියි”

වීඩියෝ – හිරු නිව්ස්

Continue Reading

පුවත්

පිළිකා රෝගීන්ට හිසකෙස් පරිත්‍යාගයන් භාරගැනීම යළි ඇරඹේ

Published

on

By

පිළිකා රෝගීන් සඳහා කෙස් කළඹ සෑදීමට අවශ්‍ය හිසකෙස් පරිත්‍යාගයන් භාරගැනීම යළි ආරම්භ කර තිබේ.

පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් ලබාදීමට කැමති පරිත්‍යාගශීලීන්ට සෑම මසකම අවසන් සතියේ බදාදා දින ඉන්දිරා පිළිකා භාරය වෙත පැමිණ හිසසේ පරිත්‍යාග සිදුකළ හැකිය.

පිළිකා රෝගීන් සඳහා සිදුකරන ප්‍රතිකාර හේතුවෙන් හිසකෙස් ගැලවීයාම නිසා එම රෝගීන් වෙත සකස් කළ හිසකෙස් නොමිලේ ලබාදීම සිදුකෙරේ.

ඒ සඳහා අවශ්‍ය හිසකෙස් පරිත්‍යාග ලබා ගැනීමේ කටයුතු යළි ආරම්භ කිරීම මහරගම ඉන්දිරා පිළිකා භාරයේදී සිදුකෙරුණි.

මෙම වැඩසටහන සඳහා ඉන්දිරා පිළිකා භාරය සහ රමනි සැලෝන් ආයතනය සහාය ලබාදෙයි. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද දෙපාර්ශ්වය අත්සන් තැබීම පසුගිය දා සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved