Connect with us

පුවත්

පිළිකා වලට වඩා පිළිලයක් වූ පිළිකා ‌බෙහෙත් කඩ

Published

on

පිළිකා සඳහා විසඳුම යැයි කියමින් සිලෝන් ග්‍රීන් ආයුර්වේදා සමාගම විසින්  ALPHA ELOSTERA ලෙස සමාජ ගත කර ඇති කරල සම්බන්ධයෙන් මේවන විට විශාල කතා බහක් ඇතිව තිබේ.

ඒ අදාළ කරල් වර්ගය විධිමත් සායනික පරීක්ෂණයකින් තොරව සාමාජගත කර ඒ මගින් පිළිකා සුව වන බවට ප්‍රචාරයක් ලබාදීම නිසාය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා හා මහාචාර්ය අනුර ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විසින් කරවිල ඇටවලට පිළිකා නැසීමේ ශක්තියක් ඇති බවට සොයාගෙන ඇති බවත්, එම පරීක්ෂණ පදනම්කරගනිමින් මේ කරල් එළිදක්වනු ලැබී යැයි මෙහි නිෂ්පාදකවරුන් කියාසිටී.

කෙසේවුවද, බටහිර විද්‍යාවට අනුව පරීක්ෂණ පවත්වා පිළිකා නැසීමට කරවිල ඇට සතුව ශක්තියක් ඇතැයි හෙළිකර ගැනීමෙන් පසුව මේ ඔසුව දේශීය ආයුර්වේද ඖෂධයක් ලෙස එළිදැක්වීම මේවන විට ප්‍රෙහෙළිකා සහගත වී තිබේ.

කෙසේවුවද මේ කරල් නිෂ්පාදනය සඳහා මහාචාර්ය අනුර ජයසූරිය මහතා කිසිදු අයුරකින් දායක වී නොමැති බවත්, මේ පරීක්ෂණවල වඩාත් ගැඹුරට පරීක්ෂණ සිදුකළ තැනැත්තා ඔහු බවත් අප කළ සොයා බැලීම්වලදී හෙළිවිය.

අදාළ කරල් මුලින්ම නිෂ්පාදනය කර ඇත්තේතේමහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා හා ‌වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු දැනුමක් නොමැති ව්‍යාපාරිකයකු වන දක්ෂිත තිලංග සුමතිපාල නැමැත්තා විසින් බව පැවසේ.

පිළිකා රෝහල ආසන්නයේම පිහිටා ඇති Ceylon Green Cancer Wellness Center නැමැති ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ ද ‌දක්ෂිත නැමැති ව්‍යාපාරිකයා විසිනි.

කෙසේවුවද, මේ කරල් 60ක් රුපියල් 30,000කට අදාළ ස්ථානයේදී අලෙවිකරනු ලබනු ලබන බවද අප කළ සොයා බැලීමේදී හෙළිවිය. 

එම ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ පිළිකා රෝගියකුට මසකට පමණක් බව එම ආයතනය විසින්ම කියා සිටී.

එම ආයතනයේ  ‌වෙළඳ සේවිකාවකගෙන් අදාළ ඖෂධය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය ‌මෙසේ කියා සිටියාය.

ජයන්ත හා දක්ෂිත දෙන්නා දෙපොලේ

මේ අතර, මේ වන විට දක්ෂිත හා මහාචාර්ය ජයන්ත අතර පැනනැගුණු ව්‍යාපාරික ගැටලු ‌හේතුවෙන් ඔවුන් මේවන විට වෙන්ව වෙන වෙනම ව්‍යාපාර කරගෙන යන බවද අපට හෙළිකර ගැනීමට හැකි විය.

අදාළ ඔසුව දක්ෂිතගේ පිළිකා බෙහෙත් කඩේ රුපියල් 30,000 කට අලෙවි කරද්දී මහාචාර්ය රාජපක්ෂ එම කරල ආහාර අතිරේකයක් (food supplement) ලෙස සටහන්කරමින් රුපියල් 8,000කට එය අලෙවි කරණ බව හෙළිකර ගැනීමට හැකි විය.

අදාළ ‌බෙහෙත් නිෂ්පාදකයින් කරවිල ඇටවලින් ලැබෙන මේද අම්ලය කෙලින්ම ශරීරයට යන බවට මිත්‍යා මතයක් පතුරුවා ඇතත්, මහාචාර්ය අනුර ජයසූරිය මහතා  කියා සිටින්නේ එය එසේ සිදු නොවන බවයි.

ශරීරය අභ්‍යන්තරයේදී කුඩාන්ත්‍රය හා වකුගඩුවලදී මෙම මේද අම්ලය වෙනත් සංයෝග බවට පත්වන බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය ජයන්ත මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු ‌මෙසේ කියා සිටියේය.

කෙසේවුද, මහාචාර්ය විසින් පවසන ලද කරුණු අනුව මෙහි පරීක්ෂණ සිදු කිරීම පේරාදෙනිය සරසවිය මුල් කර ගනිමින් සිදුකළේ නම් මෙය ව්‍යාපාරිකයකු විසින් එම සරසවියේ අනුමැතියකින්ද තොරව නිෂ්පාදනය කරනු ලැබුවේ කෙසේද යන්න පිළිබව ප්‍රශ්න මතුව තිබේ.

මේ අතර අප මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) ඇතුළු වගකිවයුතු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අපි කළ විමසීම් හා සොයාගැනීම් ඉදිරියේදී පළ කරන්නෙමු.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved