Connect with us

පුවත්

පුංචි ඡන්දයට කලින් ජනාධිපතිවරණයක් නොවැම්බර් එනවා – සිසිර

Published

on

අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත්, එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 වැනිදා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම්.

ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි. අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ .ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.

පුවත්

බොරු මැණික් විකිණීමට ගිය 6ක්  අත්අඩංගුවට

Published

on

By

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත කටුගස්තොට නගරයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 51 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, ගාල්ල, හිනිදුම සහ ඇතුල්කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය හබරකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.

මෙම සැකකරුවන් ව්‍යාජ මැණික්ගල් තැරැවුකරුවන් මාර්ගයෙන් ගැණුම්කරුවෙකු සම්බන්ධකර විකිණීම සඳහා ගාල්ල, නෙළුව ප්‍රදේශයේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ ඇත.

තරැවුකරුවන් විසින් මෙම මැණික්ගල් ව්‍යාජ මැණික්ගල් බවට අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හා සැකකාරිය ඊයේ (25) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (26) පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (27) පෙ.ව 10.30 තෙක් වලංගුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Continue Reading

පුවත්

“ලංකාවේ ලොකුම සන්ධානය අපි හදනවා”

Published

on

By

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත් තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන්නේය.

එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා සහභාගී වීමට නියමිතව ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved