Connect with us

පුවත්

පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ රියදුරුගේ සිරුර හමුවෙයි

Published

on

පහරදී ඝාතනය කර මඩොල්සිම  පුංචිලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල  රොසට්වත්තේ 23 හැවිරිදි  ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර දින දහසයකට පසුව  අද (16)වැනි දා පස්වරුවේ පුංචි ලෝකාන්තයේ අඩි 500ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී සොයාගත් බව මඩොල්සිම පොලිසිය පවසයි.

වැල්ලවාය කුඩා ඔය යුදහමුදා කොමාන්ඩෝ  කදවුරේ කොමාන්ඩෝ  නිලධාරීන් පිරිසක් කඹ ආධාරයෙන් අද (16) වැනි දා  පස්වරුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස මළසිරුර සෙවීමේ කටයුතු වල නිරත වූ අතර පසුව මෙම ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයේ වැටී තිබියදී සොයා ගෙන පොහොර බෑගයක දමා කඹ වලින් ගැටගසා කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයෙන් තිබූ මළසිරුර අද (16) පස්වරු 2 ට පමණ මහත් වෙහෙසක් දරා උඩට ගත් බවද පොලිසිය කීය.

මළසිරුර සොයා ගන්නා විටත් එය බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු අතර සිරුරේ යටිකයට  කලිසමක් ඇද සිටි බවත් , සිරුරේ ඉනෙන්.ඉහල කොටස මුහුණ හිස විනාශ වී ඇටකටු මතු වී තිබිණැයි පොලිසිය සඳහන් කළේය.

හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක ත්‍රීරෝද රථ රියදුරෙකු මෙසේ ඝාතනයට ලක්විය. මොහු මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු ගෙන් ත්‍රීරෝද රථයක් මිලදී ගෙන ඇති බවත් එම පුද්ගලයා මොහුට මැණික් ගල් සහ රන්භාණ්ඩ වගයක් විකිණීමට යාමට ඇති බව පවසමින් ඉකුත් (30) වන දා රාත්‍රියේ මෙම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රීරෝද රථය සමඟ මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන  තවත් අයෙක් සමඟ එකතු වී  මඩොල්සිම  පුංචි ලෝකාන්තය අසල මාර්ගයේ කැලෑවක සඟවා තිබෙන මැණික් ගල් සහ රන්භාණ්ඩ ගැනීමට යන බව පවසමින් ත්‍රීරෝද  රථ රියදුරු අලුයම රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි .

අනතුරුව එම 34 හැවිරිදි ප්‍රධාන සැකකරු ඔහුගෙන් මිලට ගත් ත්‍රීරෝද රථය යලි ඉල්ලා ඇති බවත් එහිදී ඇති වී තිබෙන ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙසේ මොවුන් දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුට අතින් පයින් යකඩ ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව දෙදෙනා එකතු වී ත්‍රීරෝද රථ රියදුරුගේ සිරුර මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට ඇද විසිකර දමා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

දින කීපයක් ගියද සිය පුතා නිවසට නොපැමිණි හෙයින්   පියා මේ සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය ට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ කටයුතු සිදුකළ හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හාලිඇල  ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී දැනට මඩොල්සිම බටාවත්තේ සිටින 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ .

ඔහුගෙන් හෙලිකරගත් තොරතුරු මත සෙසු සැකකරු වන මඩොල්සිම බටාවත්තේ පදිංචි  24 හැවිරිදි රථ වාහන බ්‍රෝකර්වරයෙක් ලෙස කටයුතු කරන සැකකරු අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලිසිය සමත්විය. එම තොරතුරු මත ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ ත්‍රීරෝද රථය සැකකරුවන් බදුල්ල නගරයේ පෞද්ගලික මූල්‍ය සමාගමකට විකුණා තිබිය දී අත්අඩංගුවට ගත්හ. 

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි පී එම් ජයරත්න සහකාර පොලිස් අධිකාරි දිලිප් ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත  මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච් .පී .දිසානායක , හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක , පොලිස් පරික්ෂක ගීත් රත්නායක  පොලිස් සැරයන් 1477 ජයසිංහ  54167 ලාල් , 74407 ඒකනායක , 19803 රත්නායක යන මහත්වරුන් ඇතුලු හාලිඇල, මඩොල්සිම පොලිස් නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

(ලංකාදීප)

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved