එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (03) පුත්තලමේ දී පැවැත්විණි.
ඒ අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂක අංජන සදරුවන් මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කළමනාකරු ලෙස කටයුතු කරන නිමල් වර්ණකුලසුරිය මහතා අතර ගැටුමක් ඇතිව තිබේ.
අංජන සදරුවන් මහතා විසින් නිමල් වර්ණකුලසුරිය මහතාට දෝෂාරෝපණය කර පහර දීමට උත්සාහ කළ අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවු බවට වාර්තා වේ.
අංජන සදරුවන් මහතා මුලාසනයේ සිටියදී දිස්ත්‍රික් කළමනාකරුගේ පිළිගැනීමේ කතාවේ දී ඔහුගේ නම සඳහන් නොකිරීම මෙම ගැටුමට හේතුව වී තිබුණි.
අංජන සදරුවන් මහතා චෝදනා කරමින් සඳහන් කළේ තමන් වසර 20කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප වී නොයෙකුත් හිංසනයන්ට ලක්වූ අයෙකු බවත් දිස්ත්‍රික් කළමණාකරු එය නොදන්නා සේ කටයුතු කළ බවය.
මෙහිදී එල්ලවු විරෝධය හමුවේ නිමල් වර්ණකුලසුරිය මහතා එම ස්ථානයෙන් නෙරපා හරින ලදී.
මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් කළ පැමිණිල්ලකට අනුව අවස්ථා දෙකකදී මේ රැස්වීමට හලාවත පොලිසියෙන් පැමිණ තිබූ අතර මෙම රැස්වීමේ දී ආහාර සහ මුදල් බෙදාදීමක් සිදුකෙරෙන බවට එම පැමිණිල්ලේ සඳහන්ව තිබු බවට වාර්තාවේ.
මෙම රැස්වීමේදී ආහාර සහ මුදල් බෙදා දීම සම්බන්ධයෙන් හලාවත පොලිසියට සහ පුත්තලම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි කර තිබේ.