Connect with us

පුවත්

පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ස්ථාවර කමිටුවක්

Published

on

පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස කඩිනම් තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

වසර 2030 වන විට ජාතිකව නිර්ණය කළ දායකත්ව ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

දැනට පවතින ක්‍රමවේද අනුගමනය කරමින් එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන කාලය මෙන්ම එකී ක්‍රමවේද අනුව කටයුතු කිරීමේදි උනන්දුවක් දක්වන ආයෝජකයින්ට මුහුණ පෑමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවට 2023-11-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ

ඒ අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීම,අදාළ ආයතන විසින් එකී තීරණ කාර්යක්ෂමව හා කඩිනමින් ක්‍රියාත්මක කරනු ලබන බව අධික්ෂණය කිරීමට පහත සඳහන් ආයතන නියෝජනය වන පරිදි ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීම පිණිස විදුලිබල හා බල ශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

එකී ආයතන මෙසේය.

ජනාධිපති කාර්යාලය (කමිටු සභාපති)
අග්‍රාමාත්‍ය කාර්යාලය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
පරිසර අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය
කර්මාන්ත අමාත්‍යාංශය
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය
වාරි මාර්ග අමාත්‍යාංශය
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
ලංකා විදුලිබල මණ්ඩලය

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved