Connect with us

පුවත්

පෙරපාසැල් දරුවන්ට උදේ කෑම ආණ්ඩුවෙන්

Published

on

මුල් ළමාවිය සංවර්ධන හා පෙර පාසල් වල ළමුන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් මධ්‍යස්ථාන යන නිර්ණායකය පදනම් කරගෙන, මෙම වැඩසටහන ආවරණය කරන පෙර පාසල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කලේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ගේ ආහාර මට්ටම උසස් කරමින් ඔවුන්ගේ සෞඛ්‍යය සහ සංවර්ධනය පෝෂණය කිරීමය.

සෞඛ්‍ය අමාත්‍යාංශයගේ තාක්ෂණික මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, දැනටමත් දරුවන් 155,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර එක් දරුවෙකුට දිනකට රුපියල් 60/- ක මුදලක් වෙන් කර තිබූ අතර ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම මුදල රුපියල් 100/- දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මෙම යෝජනාව භාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය අනුමත කිරීම ලබා දී තිබේ.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved